පුවත්

මධ්‍යම සංස්කෘතික අරමුදලට අලුත් අධ්‍යක්ෂවරයෙක්

Published

on

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා ආචාර්ය ටී.එම්.ජේ. නිලාන් කුරේ මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් වශයෙන් සේවය කළ මහාචාර්ය ගාමිණි රණසිංහ මහතා ඉල්ලා අස්වීම හේතුවෙන් මේ වන විට එම තනතුර පුරප්පාඩුව පවතී.

දේශීය මෙන්ම විදේශීය පුරාවිද්‍යා, වාස්තු විද්‍යා, පුරාවිද්‍යා සංරක්ෂණ ක්ෂේත්‍රයන්හි පුහුණු හා අත්දැකීම් සහිත, ප්‍රකාශන ව්‍යාපෘති හා ශාස්ත්‍රීය පර්යේෂණ රාශියකට නායකත්වය හා මාර්ගෝපදේශකත්වය ලබා දී ඇති ආචාර්ය ටී. එම්. ජේ. නිලාන් කුරේ මහතා එම තනතුර සඳහා සුදුසු බවට හඳුනාගෙන තිබෙන බව රජය පවසයි.

ඒ අනුව ඔහු මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට කොන්ත්‍රාත් පදනම මත පත් කිරීම පිණිස බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවේය.

Trending

Exit mobile version