පුවත්

මන්ත්‍රී කබිර්ගෙන් රේගුවට දැඩි චෝදනාවක්

Published

on

දින හතරකින් රේගුවේ තදබදයට විසඳුම් දෙමින් කන්ටේනර් නිදහස් කළේ කෙසේද යන්න සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද (05) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පාර්ශවයෙන් ප්‍රශ්න කළේය.

එලෙස කන්ටේනර් තදබදය විසඳීම ගැටළු සහගත බව ඔහු පැවසීය.

මේ අතර රේගුවේ මාෆියාවක් පවතින බවත් එම මාෆියාව විසින් කන්ටේනර් නිදහස් කිරීම ප්‍රමාද කරමින් පවතින බවත් මන්ත්‍රීවරයා පැවසුවේය.

රේගුවේ සිටින හොඳ නිලධාරීන්ට, කළමනාකරණයට එම කටයුතු නිසිලෙස පවත්වාගෙන යාමට එම මාෆියාව ඉඩ නොදෙන බවද කබීර් හෂීම් මහතා කියාසිටියේය.

”මම අහන්නේ ගිය දවස් හතර තුළ මේ රේගුවෙන් රැපිඩ් ක්ලියරන්ස් යුනිට් එක කියල ප්‍රෝග්‍රෑම් එකක් දාලා කොහොමද ඔක්කොම කන්ටේනර් ටික සුද්ද කළේ. දවස හතරකින් ඔක්කොම සුද්ද කළා. මේ රටට එන නැව් කීයක් එන්නේ නැතුව ගියාද. තිහකට වැඩිය. ඒකට වඩා අපේ කීර්ති නාමය. මේක ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. මොකද වෙනත් වරායවල් අපිත් එක්ක තරඟ කරනවා. ඒවාට අපේ නැව් ටික අදින්න කරන කුමන්ත්‍රණයක් වෙන්න පුළුවන්. ආණ්ඩුවත් ගිහින් ඒකට උදව් කරනවා. එතකොට මේක කොච්චර බරපතලද කියල හිතන්න.”

Trending

Exit mobile version