පුවත්

මම අයිතිවාසිකම් කැඩුවෙ නැහැ

Published

on

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව පැවසුවද එම මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

එම නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බව ඔහු සඳහන් කර සිටියේය.

ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමට මෙන්ම ජීවත්වීමේ අයිතිය සුරැකීමට ද තමා කැපවී සිටින බව රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ ඊයේ (22) පැවති නව ජනතා පෙරමුණේ ජාතික සම්මේලනය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව වැඩිදුරටත් සඳහන් කළේය.

සබැඳි පුවත්

Trending

Exit mobile version