පුවත්

මර්වින් සිල්වා ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

Published

on

කිරිබත්ගොඩ ප්‍රදේශයේ රජයට අයත් ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කර අලෙවි කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය මර්වින් සිල්වා ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

ඒ මේ සම්බන්ධයෙන් වන නඩුව අද (24) මහර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

එමෙන්ම මෙම සිද්ධියට අදාළව තවත් සැකකරුවන් දෙදෙනෙක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් බව සඳහන්ය.

ඒ අනුව ඔවුන්ද ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග කරන ලදී

Trending

Exit mobile version