ඉදිරි මහමැතිවරණය සඳහා වන තීරණාත්මක තීන්දු රැසක් ගැනීම වෙනුවෙන් හිටපු ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් අදත් සාකච්ඡාවක් කැඳවා තිබේ.
ඒ අනුව කොළඹ 7 මල් පාරේ පිහිටි මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේදී අදාළ සාකච්ඡාව මේ වන විට ආරම්භ වී ඇති බව අප වාර්තාකරුවන් සඳහන් කලේය.
මේ අවස්ථාව සඳහා රනිල් වික්රමසිංහ මහතාට ජනාධිපතිවරණයේදී සහය පලකළ පාර්ශව ගණනාවක් එක්ව සිටිති.
මේ අතර ඉදිරි මහමැතිවරණයේදී බහුතර බලයක් ගැනීම සඳහා සජිත් පාර්ශවය සහ රනිල් පාර්ශවය එක් කිරීමේ සාකච්ඡා කිහිපයක්ද නිල නොවන මට්ටමෙන් පැවැත්වෙන බවට ණෙව්ස්19 වෙත තොරතුරු වාර්තා වේ.
කෙසේවෙතත් එම සාකච්ඡා සඳහා දෙපාර්ශවයේම ඇතැම් පාර්ශව දැඩිව විරෝධය පලකර ඇති අතර එයින් සිදුවන්නේ සමගි ජනබලවේගය පක්ෂය තවදුරටත් බෙදී වෙන්වී යාම බව සජිත් පාර්ශවයේ ඇතැමුන් පවසා සිටියි.