ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදී අලාභ හානි සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයට අදාළව විදෙස් ගමන් තහනම් කර සිටි හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනකුගේ එම තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (17) නියෝග කළේය.
හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එම සිව්දෙනා මෙම සිද්ධියට අදාළව සැකකරුවන් ලෙස නම්කර නොමැති බැවින් ඔවුන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගය ඉවත් කරන ලෙසට ජනාධිපති නිතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.
ඒ අනුව මෙලෙස විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කෙරුණේ හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, ඇමැතිවරියක වන පවිත්‍රා වන්නිආරච්චි, හිටපු ඇමැතිවරයකු වන රෝහිත අබේගුණවර්ධන, හිටපු පළාත් සභා මන්ත්‍රී කංචන ජයරත්න යන අයවලුන්ගේය.
මෙම නියෝගය ආගමන විගමන පාලකවරයා වෙත දන්වා යවන ලෙස ද මහේස්ත්‍රාත්වරයා අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට ද නියම කළේය.