පුවත්

මහ කොමසාරිස්වරුන් දෙදෙනෙකු සහ තානාපතිවරුන් 03 දෙනෙකු අක්තපත්‍ර භාර දෙයි

Published

on

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් අද (21) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

අද අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහත පරිදි වේ.
1. ඩයනා මෙකැවෙසියන් මහත්මිය (Diana Mickeviciene) – තානාපති – ලිතුවේනියා ජනරජය
2. ට්‍රින් තී ටැම් මහත්මිය (Trinh Thi Tam)   – තානාපති – වියට්නාම් සමාජවාදී ජනරජය
3. මාලර් තන් ටයික් මහත්මිය  (Marlar Than Htaik)  – තානාපති – මියන්මාරය
4. පර්සි පැස්ටන් චන්දා මහතා  (Percy Patson Chanda)  – මහකොමසාරිස් – සිම්බාබ්වේ 
5. අන්දාලිබ් එලායස් මහතා (Andalib Elias)  – මහකොමසාරිස් – බංග්ලාදේශය

අක්ත පත්‍ර භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ සුහද කතා බහක ද නිරත විය.

විදේශ කටයුතු සහ අධිකරණ බන්ධනාගර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක් සිටියහ.

Trending

Exit mobile version