පුවත්

මාදම්පේ බිහිසුණු බස් – ලොරි අනතුරක්

Published

on

හලාවත – කොළඹ මාර්ගයේ මාදම්පේ – ගලහිටියාව ප්‍රදේශයේදී ලංගම බස් රථයක් සහ සිමෙන්ති පැටවූ ලොරි රථයක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක් සිදුව තිබේ.

අනතුරින් පුද්ගලයින් 25 දෙනෙකු පමණ තුවාල ලබා මේ වනවිට ප්‍රතිකාර සඳහා හලාවත මහ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

එම රෝගීන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වේ.

අද (04) උදෑසන දේවාල හංදියේ සිට හලාවත හරහා කොළඹ බලා ධාවනය වූ ලංගම බස්රථයකට වේගය පාලනය කරගැනීමට නොහැකිව, පුත්තලමේ සිට කොළඹ බලා එම දිශාවටම ධාවනය වූ සිමෙන්ති ලොරියක ගැටී තිබුණි.

අනතුරින් බස් රථයේ බද කොටසට දැඩි හානි සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී එම ප්‍රදේශයේ වැසි සහිත කාලගුණික තත්ත්වයක් පැවති ඇති බව සඳහන්ය.

Trending

Exit mobile version