මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම් දෙකකට ඊයේ (07) දිනයේ අත්සත් තබා ඇත.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි මහතා සඳහන් කරන ආකාරයට දෙරට අතර සෞඛ්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍ර වල සහයෝගීතාවය සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තබා තිබේ.
මීට අමතරව, මෙරට මාලදිවයිනේ සංස්කෘතික මධ්‍යස්ථානයක් පිහිටුවීම පිළිබඳව ද අදාල ගිවිසුමේ කරුණු ඇතුලත් වේ.
මෙම ගිවිසුම් අත්සන් තැබුණේ ඊයේ හා පෙරේදා දින වල විදේශ කටයුතු අමාත්‍යංශයේදී පැවැත්වුණු ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර ඒකාබද්ධ කොමිසමේ සිව්වන සැසිවාරයට සමගාමීවය.
මාලදිවයින නියෝජනය කරමින් එරට විදේශ කටයුතු අමාත්‍ය අබ්දුල්ලා ශහීඩ් මහතා මෙම සැසිවාරය සඳහා එක්ව සිටියේය.