පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිසම ලබන අඟහරුවාදා රැස්වීමට නියමිතය.
මැතිවරණය පැවැත්වීම සඳහා මුදල් ලබා දෙන්නැයි දිගින් දිගටම කළ ඉල්ලීම්වලට මෙන්ම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියටද මෙතෙක් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවද එම කොමිසම පවසයි.
කෙසේ වෙතත් ඉදිරි දෙදින තුළ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ජාවක් සඳහා අවස්ථාවක් ලැබෙනු ඇතැයි කොමිසමේ අපේක්ෂා කරයි.
අප්‍රේල් 25 වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට දින නියම කර ඇත.