මැලේසියාව හා අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමක වලංගු කාලය දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.
මෙලෙස කැබිනට් අනුමැතිය හිමිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය සමඟ අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමේ වලංගු කාලය දීර්ඝ කිරීමටයි.
දෙරට අතර කෘෂිකර්ම ක්ෂේත්රයේ විද්‍යාත්මක සහයෝගීතාව විධිමත් හා ඉදිරියට පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික පර්යේෂණ ප්‍රතිපත්ති සභාව සහ මැලේසියාවේ කෘෂිකාර්මික පර්යේෂණ සංවර්ධන ආයතනය අතර, පස් වසරක කාල සීමාවක් සඳහා 2016 වර්ෂයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබිණි.
එම අවබෝධතා ගිවිසුමේ වලංගු කාලසීමාව මේ වනවිට අවසන් වී ඇති අතර එකී ගිවිසුම තවත් වසර පහක් සඳහා දීර්ඝ කිරීම සඳහා දෙපාර්ශ්වයම එකඟ වී තිබේ.