අද (31) අලුයම දිවයිනට රැගෙන ආ මිදිගම රුවන් නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ගොස් තිබේ.
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ සැකකරුවෙකු වන, ඩුබායි හිදී අත්අඩංගුවට ගත් මිදිගම රුවන් ව අද (31) අලුයම දිවයිනට රැගෙන එනු ලැබීය.
(පෙර පුවත 2024 මැයි 31, පෙ.ව. 7:10)
……………..
මිදිගම රුවන් ලංකාවට ගෙනෙයි
පාතාල නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන මිදිගම රුවන් නැමැත්තා ඩුබායි සිට මෙරටට රැගෙනවිත් තිබේ.
සැකකරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරීන් කණ්ඩායමක් විසින් රැගෙනවිත් ඇත.
පසුගියදා හරක් කටා හෙවත් නදුන් චින්තක ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් මුදාගැනීමට සැලසුම් කළ බවට චෝදනා එල්ලවන්නේද මිදිගම රුවන්ටය.