පුවත්

මියගිය ධීවරයින් පස් දෙනාට රජයෙන් වන්දි

Published

on

තංගල්ලට එපිට මුහුදේ දී පාවෙමින් තිබූ බෝතලයක ද්‍රවයක් පානය කිරීමෙන් මියගිය ධීවරයින් පස් දෙනා වෙනුවෙන් රජයෙන් වන්දි මුදලක් ලබාදීමට තීරණය කර ඇති බව ධීවර දෙපාර්තමේන්තුව පවසයි.

ධීවර අධ්‍යක්ෂ ජනරාල් සුසන්ද කහවත්ත මහතා සඳහන් කළේ ධීවර අමාත්‍යවරයාගේ උපදෙස් මත මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර අදාළ වන්දි මුදල තීරණය කරන බවය.

ඔවුන් රක්ෂණය වී ඇති බැවින් එක් අයෙකු වෙනුවෙන් රුපියල් දෙලක්ෂ පනස් දහසක ක වන්දියක් ද පිරිනැමීමට නියමිත බව ධීවර අධ්‍යක්ෂ ජනරාල්වරයා තවදුරටත් පවසා තිබේ.

මුහුදේ පාවී ආ බෝතලයක තිබු දියර වර්ගයක් පානය කිරීමෙන් ජීවිතක්ෂයට පත් “ඩෙවොන් 05” ධීවර යාත්‍රාවේ ධීවරයින් 04 දෙනාගේ මළ සිරුරු තංගල්ල ධීවර වරායට රැගෙන විත් තිබුණි.

අද (03) උදෑසන අදාල මළ සිරුරු රැගත් යාත්‍රාව තංගල්ල ධීවර වරාය වෙත රැගෙන ආ බවට වාර්තා වේ.

සබැඳි පුවත්

මත්පැන් යැයි සිතා බිව් දියරයෙන් තවත් ධීවරයෙක් මරුට!

Trending

Exit mobile version