පුවත්

මුරවත්තේ කබරයා රෝහල්ගත කෙරේ!

Published

on

කළුතර බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටියදී පලාගිය සැකකරුවකු අත්අඩංගුවට ගෙන පොලිස් සිරභාරයේ රඳවා සිටියදී සිරමැදිරියේ යකඩ දොරෙහි හිස තදින් වද්දාගෙන තුවාල සිදුකර ගැනීම හේතුවෙන් රෝහල්ගත කළ බව පානදුර උතුර පොලිසිය පැවසීය.

එලෙස තුවාල සිදුකරගෙන ඇත්තේ මොරටුව, කොරලවැල්ල ප්‍රදේශයේ පදිංචි ‘මුරවත්තේ කබරයා’ නමැති 32 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම සැකකරු ඊයේ (07) අපරාධ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර රඳවාගෙන සිටිය දී එලෙස තුවාල සිදුකර ගෙන තිබූ බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුව ‘සුවසැරිය’ ගිලන් රථයකින් ඔහු පානදුර මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

Trending

Exit mobile version