රට විනාශ වී තිබියදී සතුටින් නත්තල් සැමරිය නොහැකි බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ පැවැසූහ.
උන්වහන්සේ මේ බව පවසා සිටියේ ඊයේ (21) රාත්‍රි කළුතර සිරි කුරුස විද්‍යාලයේ දී “බලාපොරොත්තු වේ උපත” නමින් පැවැත්වූ නත්තල් කැරොල් ගී ප්‍රසංගයකින් පසු අදහස් දක්වමිනි .
වැඩිදුරටත් අදහස් දක්වමින් උන් වහන්සේ මෙසේද පවසා තිබේ.
“මාධ්‍ය වාර්තා කරලා තියෙනවා ලංකාවේ මිලියන 6.1 ක් එක වේලක් නොකා බඩගින්නේ ඉන්නව කියලා. “රටට මෙහෙම වෙලා තියෙන්නේ පාලකයන්ගේ දුර්දාන්ත වැඩ නිසා.
ලෝකෙ වටේ ගිහින් හිගන්නෝ වගේ කන්න බොන්න ඉල්ලනවා. අපි ලැජ්ජ වෙන්න ඕන මෙච්චර ලස්සන ආකර්ශනීය රටක ඉදගෙන හිගන්නො වගේ කන්න බොන්න ඉල්ල ඉල්ල යන එක ගැන.
මෙවර නත්තල් සමරන්න ඔබේ ප්‍රදේශයේ කන්න බොන්න නැති අසරණ දුප්පත් එක් පවුලකට හෝ සලකන්න. ක්‍රිස්තුස් වහන්සේ දේශණා කර තියෙන්නේ එයයි. උන් වහන්සේගේ දේශනාවට අනුව පරිත්‍යාගය උතුම්” යැයිද මැල්කම් කාදිනල් හිමියන් පැවසීය.