පුවත්

මේ වසරේ අල,පරිප්පු හා එළවළු ගෙන්න ඩොලර් මිලියන 300ක් වියදම් කරලා

Published

on

මෙම වර්ෂයේ (2023) ජනවාරි සිට ඔක්තෝබර් මස දක්වා වු කාලය තුළ මෙමෙට අතවශ්‍ය ආහාර වන පරිප්පු, ලුුණු, අර්තාපල්, රනිල කුලයට අයත් එළවළු හා වෙනත් එළවළු ආනයනය කිරීම සඳහා ඩොලර් මිලියන 297.2ක මුදලක් වැය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඔක්තෝබර් මාසයේ පමණක් මෙකී ආහාර ද්‍රව්‍ය ආනයනය කිරිමට ඩොලර් මිලියන 25.9ක මුදලක් වැය වී ඇති බව ද මහ බැංකුව වාර්තාවේ සඳහන් වේ.

එමෙන්ම පසුගිය වර්ෂයේ (2022) මුල් මාස 10 තුළ මෙම ආහාර ද්‍රව්‍ය ආනයනයට ඩොලර් මිලියන 273.8ක මුදලක් වැය වි ඇත.

එම කාලසීමාව හා සංසදනය කිරීමේ දී මෙකී වර්ෂය තුළ ආහාර ද්‍රව්‍ය ආනයනය කිරිමට ඩොලර් මිලියන 23.4ක පමණ වැඩිපුර වියදම් වී ඇති බව මහ බැංකු වාර්තා මඟින් වැඩිදුරටත් පෙන්වා දී ඇත.

තවද මේ දිනවල පරිප්පු, ලුුණු හා එළවළු විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව ද පාරිභෝගිකයෝ පවසති.

පසුගිය දින කිහිපය තුළ ලොකු ලූනු කිලෝව රුපියල් 450ත් 500ත් අතර ඉහළ මිලකට ආනයනකරුවන් අලෙවි කිරීම නිසා ජනතාව, ව්‍යාපාරිකයන් අසරණ තත්ත්වයකට පත්ව ඇත.

Trending

Exit mobile version