පුවත්

මොරගහ හේනේ වෙඩි තැබීමක්, 2ක් මරුට

Published

on

ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි දෙදෙනකුට මොරගහහේන මාලොස්ඇල හන්දියේදී මෝටර් රථයකින් පැමිණි පිරිසක් වෙඩි තබා ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කිරිපිටිය, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි රූපසිංහ ආරචිගේ නයනානන්ද සහ පිළියන්දල ප්‍රදේශයේ වසන්ත පෙරේරා යන පුද්ගලයින් වන අතර වෙඩි වැදිමෙන් බරපත තුවාල ලබා සිටි දෙදෙනා හොරණ මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මියගිය පුද්ගල‍ෙන් දෙදෙනා මංකොල්ලකෑම් කිහිපයකට අදාළ පුද්ගලයන් බවට තොරතුරු ලැබී ඇති බව පොලීසිය පවසයි.

Trending

Exit mobile version