පුවත්

“යාල් නිලා” අද සිට ගල්කිස්සෙන් කන්කසන්තුරේට

Published

on

ගල්කිස්ස හා කන්කසන්තුරේ අතර වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය පළමු වරට අද (04) රාත්‍රි 10 ට ගල්කිස්ස දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරන බව දුම්රිය පාලක මැදිරි කාර්යාලය පවසයි.

“යාල් නිලා” ලෙස නම් කර ඇති මෙම වායුසමනය කළ දුම්රිය කන්කසන්තුරේ ට ළගා වීමෙන් අනතුරුව අනිද්දා (06) රාත්‍රි 10ට කන්කසන්තුරේ දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව හා ගල්කිස්ස බලා ධාවනය වේ.          

මෙය සංචාරක දුම්රියක් වන අතර මෙහි පළමු පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 4000/-ක්ද දෙවන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 3000/-ක් හා තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍රයක් රුපියල්. 2000/- ක් ද වේ.

මෙම වායුසමනය කළ සුඛෝපභෝගී දුම්රිය ලබන 18 දා සිට දිනපතා ධාවනය කෙරෙන අතර මුදලට පමණක් ප්‍රවේශ පත්‍ර අලෙවි කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.  

Trending

Exit mobile version