අධික වර්ෂාවත් සමග පිවිසුම් මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් යාල වනෝද්‍යානයේ ප්‍රධාන පිවිසුම වසා දැමීමට පියවර ගෙන තිබේ.
තිස්සමහාරාම පලටුපාන යාල ප්‍රධාන පිවිසුම නැවත දැනුම්දෙන තුරු මෙලෙස වසා දැමීමට පියවර ගත් බව යාල වනෝද්‍යාන භාරකරු පැවසීය.
කෙසේ වෙතත් යාල වනෝද්‍යානය සඳහා කටගමුව පිවිසුමෙන් සංචාරකයින්ට පිවිසිය හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එසේම කලාප අංක 1 මෙලෙස ගංවතුර හේතුවෙන් පිවිසුම් මාර්ග අවහිර වී තිබුණද යාල කලාප අංක 4,5 සහ 6 සංචාරකයින් සඳහා තවදුරටත් විවෘතව පවතින බවද ඔහු සඳහන් කළේය.
මේ අතර මේ වනවිට අධික වැසි සහිත කාලගුණය සමග මැණික් ගඟ පිටාර ගැලීම හේතුවෙන් සංචාරක නිවාස 6ක් ජලයෙන් යටවී ඇති බවද යාල වනෝද්‍යාන භාරකරු වැඩිදුරටත් පැවසීය.
(අරුණ)