පුවත්

“රට ප්‍රපාතයට යනවා: රනිල් බලන්නේ තව ටිකක් කාලය දික් කරගන්න”( වීඩියෝ )

Published

on

ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලැබූ මාධ්‍ය හමුවක් අද (12) දින පැවැත්විණි.

රජයේ ණය ගැනීම හා රට තවදුරටත් ණය අර්බුදයක ගිල්වා දැමීම පිළිබඳව මෙහිදී අදහස් පලවිය.

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් මෙහිදී අදහස් දක්වන ලදී.

“මේ රටේ අර්බුදය මේ තරම් උත්සන්න වෙලා තියෙද්දි මේ පාලකයන්ගේ හැසිරීම රට ණය අර්බුදයක තව තවත් ගිල්වලා කිසිදු වගේ වගක් නැතුව නාස්තිකාර වියදම් වැඩිකරනවා. රට තවත් ආර්ථික ප්‍රපාතයකට ඇද වට්ටමින් ඉන්නවා. එහෙම ඉන්න ගමන් තමා උත්සාහ කරන්නේ රනිල් වික්‍රමසිංහලයේ කණ්ඩායම. තමන්ගේ ධූර කාලය දැන් ඉවර වෙනවා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ මේ ඉන්නේ ගෝඨාභය රාජපක්ෂයේ ඉතුරු කාලය සම්පූර්ණ කිරීම. දැන් බලනවා තවදුරටත් මේක දික් කරගෙන ඉන්න පුළුවන් ද කියලා”

blob:https://sinhala.srilankamirror.com/39167e15-e36a-44f1-a3e6-7a4b8e6b1afd

Trending

Exit mobile version