නාරාහේන්පිට, ඇල්විටිගල මාවත ප්‍රදේශයේ කූඨ ලේඛන සකස් කිරීමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කාන්තාවක් ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රාජගිරිය පොලිස් විශේෂ කාර්යය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් සතුව තිබී විවිධ ප්‍රදේශවල නීතීඥවරුනගේ සහ සාම විනිසුරුවරුන්ගේ නිල මුද්‍රා ඇතුළු විවිධ නිල මුද්‍රා 260ක්, ව්‍යාජ හැඳුනුම්පත් 03ක්, සේවා හැඳුනුම්පතක්, කූඨ ලේඛන සකස් කිරීමට යොදාගත් පරිගණක දෙකක් සහ මුද්‍රණ යන්ත්‍ර දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් නාරාහේන්පිට සහ පල්ලෙවත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් අද (02) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.