පුවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත රිය අනතුරකින් මරු දකියි! Published 9 months ago on January 25, 2024 By editor කටුනායක අධිවේගී මාර්ගයේ 11 වැනි කිලෝමීටර් කණුව අසළදී අද (25) අලුයම සිදු වූ රිය අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මියගොස් තිබේ. අනතුරින් රථයේ රියැදුරු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියා සිටී. කටුනායක සිට කොළඹ දෙසට ධාවනය වෙමින් තිබූ සනත් නිශාන්ත මහතා රැගත් ජීප් රථය එම දෙසටම ඉදිරියෙන් ධාවනය වූ කන්ටේනර් රථයක ගැටී අනතුරුව මාර්ගයේ ආරක්ෂක වැටේ ගැටී අනතුර සිදුව තිබේ. අනතුරින් රාජ්‍ය අමාත්‍යවරයා, ඔහුගේ ආරක්ෂක නිලධාරියා සහ එම රථයේ රියැදුරා බරපතළ තුවාල ලබා රාගම රෝහලට ඇතුළු කිරීමෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා මිය ගොස් ඇත. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්1 week ago හිටපු ලොක්කෙක් පැයෙන් පාස්පෝර්ට් ගනී පුවත්3 days ago මනූෂගේ යෝජනාවෙන් කළ කෝටි ගණනක ගැහැලි විගණන කාර්යාලය හෙළිකරගෙන පුවත්6 days ago අලි සබ්රි දේශපාලනය අත්හරියි? පුවත්1 week ago හිටපු මන්ත්‍රීවරුන්ට තවත් අහිමි වීමක් පුවත්4 hours ago රන්ජන් ස්වාධීන පක්ෂයකින් මහ මැතිවරණයට පුවත්1 week ago තිළිණ ගමගේ දුන්න නියෝග දෙකක් අත්හිටුවයි