පුවත්

රාජ්‍ය සේවයට අලු‍තෙන් 4000ක්  බඳවා ගැනේ

Published

on

පුරප්පාඩුව පවතින ග්‍රාමසේවා වසම් සඳහා නිලධාරී තනතුරු 4,000කට ආසන්න ප්‍රමාණයකට නව බඳවාගැනීම් කඩිනමින් සිදුකිරීමට පියවර ගන්නා බව ලෙස  ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින ස්වදේශ කටයුතු පිලිබඳ රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත පවසා ඇත.

මෙය ඊයේ (07) දින පැවතs  “ස්ථාවර රටකට සැවොම එක මඟකට“ යන ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළ පරිදී, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක ප්‍රධානත්වයෙන් සැදුම්ලත් කමිටුවක්ද ඒ සඳහා පත්කර ඇත.

එමෙන්ම මෙරට ග්‍රාමසේවා වසම් 14,022ක් ඩිජිටල්කරණය කිරීමේ e-GN වැඩසටහනද මේ වන විටත් ආරම්භ කර ඇත.

තවද මෙරට ඇති ආර්ථික තත්ත්වය මෙන්ම තවත් සාධක කිහිපයක් මත රාජ්‍ය සේවයේ වෙනස්කම් සිදුවිය යුතු අතර එය තරාතිරම නොබලා නිවැරදි ලෙස සිදුකළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

Trending

Exit mobile version