පුවත්

රාජාංගනයේ හිමිට එරෙහි නඩුව කල් යයි

Published

on

ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ රාජාංගනයේ සද්ධාරතන හිමියන් එරෙහි නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන දෙසැම්බර් මස නැවත කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි නියෝග කළාය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සැකකාර හිමියන්ට එරෙහිව පවරා ඇති නඩුව කැඳ වූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරිය විසින් මෙම නියෝගය සිදු කරන ලදී.

සැකකාර හිමිනම යූ ටියුබ් වීඩියෝ ඔස්සේ සිදු කළ අදහස් දැක්වීම් ලක්ෂයකට අධික පිරිසක් නරඹා ඇති බවත් 15000ක් පමණ පිරිසක් එය අනුමත කරමින් අදහස් දක්වා ඇති බවත් සැකකාර හිමිනම ඉදිරිපත් කරමින් පරිඝණක වෝහාරික අපරාධ කොට්ඨාසයේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් දක්වා තිබුණි.

ඒවා අන්තර්ජාල සමාජ මාධ්‍ය ඔස්සේ උඩුගත කර ඇති අතර, එම වීඩියෝ පටය හේතුවෙන් ආගමික හා ජාතික සංහිදියාවට තර්ජනයක් බව අධිකරණයට වාර්තා කර තිබේ.

ඇප මත මුදා හැර ඇති සැකකාර රාජාංගනයේ සද්ධාරතන හිමියන් නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියහ

Trending

Exit mobile version