පුවත්

කුඩු රොෂාන්ට ඇප

Published

on

වරකාපොල ප්‍රදේශයේ සැඟව සිටියදී යුක්තිය මෙහෙයුම අතරතුරදී අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටි ”කුඩු රොෂාන්” නැමැත්තා සහ ඔහුගේ බාල සොහොයුරා දැඩි ඇප කොන්දේසි පනවා ඇපමත මුදාහැර තිබේ.

කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණය විසින් අද එම නියෝගය ලබාදුන්නේය.

එහිදී අධිකරණය විසින් ”කුඩු රොෂාන්” නැමැත්තාට මුදලින් රුපියල් කෝටි 3ක ඇපයක් සහ අනෙක් සැකකරුට මුදලින් රුපියල් ලක්ෂ 50ක ඇපයක් ද නියම කර ඇත.

එසේම ”කුඩු රොෂාන්” නැමැත්තාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 7ක් සහ ඔහුගේ සහෝදරයාට රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 4ක් නියම කර ඇත.

ඇප ලබාගැනීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ඇඟිලි සළකුණු ලබාදෙන ලෙසටද සැකකරුවන්ට අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කුඩු රොෂාන් නැමැත්තා ස්කයිප් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කර ඇත.

සබැඳි පුවත්:

‘කුඩු රොෂාන්ගේ‘ මිලියන 55ක දේපල අල්ලයි

Trending

Exit mobile version