පවතින තත්ත්වය මගහරවා ගැනීමට මෙන්ම ණය බර ලිහිල් කිරීමටත්, තිරසාර සංවර්ධනයක් ළඟා කර ගැනීමටත් ශ්‍රී ලංකාවට සහය දීම සඳහා එක්ව ධනාත්මක කාර්යභාරයක් ඉටු කරන බව චීනය පවසයි.
ඊයේ (28) බෙයිජිං අගනුවර පැවති මාධ්‍ය හමුවකදී චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා – මාඕ නිංග් මහත්මිය මේ බව පවසා තිබුණි.
ශ්‍රී ලංකාව හා සම්බන්ධ IMF වැඩසටහන අවසන් කිරීමට අවශ්‍ය සහතිකවලට අනුකූලව යම් ගැලපීමක් සිදුකිරීමට චීනය කැමැති වන්නේද යන්න බ්ලූම්බර්ග් මාධ්‍ය ආයතනය විසින් නැගූ පැණයකට ඇය මෙසේ පිළිතුරු ලබාදී ඇත.
මේ සම්බන්ධයෙන් තොරතුරු මීට පෙර කිහිප අවස්ථාවකදීම හෙළි කළ බවද ඇය වැඩිදුරටත් පෙන්වා දී ඇත.