පොහොට්ටුවට බලය හිමිව තිබු ලුණුගල ප්‍රාදේශීය සභාවේ 2023 වසර සදහා වු අයවැය ලේඛනය ඊයේ (24දා) යළිත් දෙවන වරට පරාජයට පත්විය.
පළමුවර පරාජයට පත්වීමෙන් පසු දින 14කට පසු නැවත ඊයේ සභාවට ඉදිරිපත් කළේය.
සභාපති ජගත් චන්ද්‍ර දළුකොටුව මහතා 2023 වසර සදහා වු අයවැය ලේඛනය දෙවනවර සභාවට ඉදිරිපත් කළ අතර එයට පක්ෂව ජන්ද 04ක් සහ විපක්ෂව ජන්ද 13 ක් ලැබුණි. තිදෙනෙකු ජන්දය දීමෙන් වැළකි සිටියහ.