වාරියපොළ ප්‍රදේශයේදී රිය අනතුරකට ලක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට අයත් බව කියන ඩිෆෙන්ඩර් රථය වීඩියෝ කළ තරුණයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් රාජකාරියට බාධා කළ බවට චෝදනා එල්ල කරමින් මෙම තරුණයාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝ පටයක වාරියපොල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස තමා හඳුන්වා ගන්නා පොලිස් නිලධාරියෙකු අදාළ ස්ථානයේ ඡායාරූප ගැනීමට තැත් කරන ලද තරුණයාට තර්ජනාත්මකව අවවාද දෙන ආකාරය දැක්වේ.
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට අයත් බව කියන ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රථයක් පසුගිය 26 වන දා වාරියපොළ දී මාර්ගයෙන් ඉවතට පැන අනතුරකට ලක් විය.
රාජ්‍ය අමාත්‍යවරයා රැගත් වාහනය සමග ගමන් කරමින් තිබූ මෙම ජීප් රථය ත්‍රිරෝද රථයක් පසුකර යෑමේදී මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පළක ගැටී නතර වී තිබේ.
සබැඳි පුවත්