පුවත්

වව්චරේ දුන්නට කැමති පොහොර ගන්න ‌බැරිද?

Published

on

 මෙම යල කන්නයේ වී වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීම සඳහා රජය‌ෙන් නිකුත් කර තිබෙන වව්චර්වලින් අනිවාර්යයෙන් මිලදී ගත යුතුයැයි කිසිදු පොහොර විශේෂයක් ‌නම් කර නොමැ‌ති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා අවධාරණය කර සිටී.

එහෙත් ගොවින් පවසන්නේ සියයට 30ක් කාබනික පොහොර වශයෙන් හා සියයට 70ක් රසායනික පොහොර වශයෙන් රජය අනිවාර්ය කර ඇති බව‌‌‌යි.

නමුත් එය සත්‍යක් නොවන බව අමාත්‍යංශ ලේකම්වරයා කියා සිටී.

මෙම වව්චර් ඉදිරිපත් කිරීම මගින් රාජ්‍ය අංශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානවලින් හෝ පුද්ගලික අංශයෙන් ගොවීන්ට අවශ්‍ය රසායනික පොහොර හෝ කාබනික පොහොර සිය අභිමතය පරිදි මිල දී ගත හැකි බව කෘෂිකර්ම අමාත්යංශය පෙන්වාදී ඇත.

Trending

Exit mobile version