අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි, රත්කරව්වේ ජිනරතන හිමි යන අයට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර තිබේ.
ඔවුන්ට අදාළව පනවා තිබූ නඩුවකට පෙනී සිටීම සඳහා මෙම තිදෙනා උසාවියට නොපැමිණීම නිසා අධිකරණය විසින් මෙම පුද්ගලයන්ට වරෙන්තු නිකුත් කර ඇති බව වාර්තා වේ.