පුවත්

වසර 24කට පෙර පුද්ගලයෙක් ඝාතනය කළ අයෙකුට මරණ දඬුවම

Published

on

මීට වසර 24කට පෙර සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වූ අයෙකුට ගාල්ල මහාධිකරණය ඊයේ (16) මරණ දඬුවම නියම කර තිබේ.

2000 වසරේ පෙබරවාරි 06 හෝ ඊට ආසන්න දිනයක ඉමදුව ප්‍රදේශයේදී විදුලිසැර වැදීමට සලස්වා පුද්ගලයෙකු ඝාතනය කළේ යැයි එම විත්තිකරුට එරෙහිව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනු කර තිබුණි.

ගාල්ල මහාධිකරණයේ විභාග වූ දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අනවසර විදුලි රැහැන් ඇද චේතනාන්විතව පුද්ගලයෙකුට විදුලි සැර වැදීමට සලස්වා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් එම චුදිතයාට මරණ දඬුවම ලබා දීමට ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය ඊයේ නියෝග කලේය.

චූදිතයා වයස අවුරුදු 50ක් වන ඉමදුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

Trending

Exit mobile version