පුවත්

ව්‍යාපාර හිතකාමී පරිසරයක් හදන්න කාර්ය සාධක බලකා 7ක් හා ආයතන 54ක්

Published

on

රට තුළ ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ජනාධිපති ලේකම් කාර්යාලය විසින් කාර්ය සාධක බලකා 07ක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් සැලසුම් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙහි අරමුණ වන්නේ කාර්යක්‍ෂමතාව වැඩිකිරීම සඳහා අදාළ ක්‍රියාවලි සරල කිරීම, ගතවන කාලය අඩු කිරීම සහ තොරතුරු පහසුවෙන් ලබා ගැනීම බවද එම අංශය වැඩිදුරටත් පෙන්වා දෙයි.

Trending

Exit mobile version