පුවත්

වාහන 42ක් STF කඳවුරු 03ක දිරලා

Published

on

එක්සත් ජාතීන්ගේ සාමසාධක ව්‍යාපෘතියේ රාජකාරි සඳහා යැයි පවසමින් 2017 වසරේ සිට මිලදී ගත් වාහන 42ක් කිසිදු ප්‍රයෝජනයකට නොගෙන විශේෂ කාර්ය බලකා කඳවුරු තුනක රඳවා තබා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

එම වාහන හා ඊට අමතරව මිලදී ගත් තවත් භාණ්ඩ හා උපකරණ තොගයක්ද මිලදී ගැනීමට වසර පහක් තුළ රුපියල් කෝටි 178ක් වැය කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

විගණන වාර්තාවේ සඳහන් වන පරිදි එම වාහන හා යන්ත්‍රෝපකරණ ගාලකර තිබෙන්නේ විශේෂ කාර්ය බලකායට අයත් කටුකුරුන්ද, පුහුණු පාසලේ, හොරණ සහ ගෝනහේන කඳවුරු වලය.

(ලංකාදීප)

Trending

Exit mobile version