දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව අද (12) උදෑසන 7ට නැවත ගමනාගමන කටයුතු සඳහා විවෘත කර තිබේ.
ඒ, කළුතර දිස්ත්‍රික්කයට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාව අඩුවීමත් සමඟය.
ඇද හැළුණු ධාරාණිපාත වර්ෂාවත් සමග දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න හුවමාරුව ඊයේ (11) උදෑසන ජලයෙන් යට වූ අතර, ඒ හේතුවෙන් එම ස්ථානය වසා දැමීමට සිදුව තිබුණි.
(පෙර පුවත 2024 ඔක්තෝබර් 11, පෙ.ව.9:34)
වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දමයි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න අන්තර් හුවමාරුව තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.
මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙන්නේ සුළු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් මෙලෙස වසා දැමෙන බවය.
මේ වන විට මතුගම අලුත්ගම මාර්ගය ජල මට්ටම අඩි 4 1/2 පමණ උසකින් යුක්ත වන බවයි සඳහන් වේ.