වික්ටෝරියා වේල්ල ආශ්‍රිත රක්ෂිතයේ හටගත් ගින්න මේ වනවිට පාලනය කර තිබේ.
පොලීසිය සඳහන් කළේ, ඊයේ (02) රාත්‍රියේ ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව ගින්න මැඩ පැවැත්වූ බවයි.
මේ අතර බදුල්ල නාරංගල කන්දට යම්කිසි පිරිසක් විසින් ගිනි තබා ඇතැයි දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතා පැවසීය.
ඔහු සඳහන් කළේ, දිස්ත්‍රික්කයෙන් එවැනි ගිනි තැබීම් රැසක් වාර්තා වන බවයි.
—————————————
(පෙර පුවත: 2023 අගෝස්තු 02, ප.ව.9:56)
වික්ටෝරියා වේල්ල ආසන්නයේ ගින්නක්!
වික්ටෝරියා වේල්ලට නුදුරෙන් කැලෑබද ප්‍රදේශයේ ගින්නක් හටගෙන ඇති බව වාර්තා වේ.
මේ දක්වා ගින්න හේතුවෙන් වික්ටෝරියා වේල්ලට තර්ජනයක් එල්ල වී නැති බව වේල්ල භාර ප්‍රධාන එංජිනේරුවරයා පවසා ඇත.