පුවත්

විදුලිසැර වැදී කුඩා දරුවෙක් මරුට

Published

on

විල්ගමුව – පේරකනත්ත ප්‍රදේශයේදී ඊයේ (27) විදුලිසැර වැදී කුඩා දරුවෙකු මිය ගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 07 ක් වැයසැති නාමිනිගම, පේරකනත්ත ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි.

මියගිය දරුවාගේ දෙමාපියන් විසින් නිවස හා ගෙවත්ත වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා විදුලි වැටක් සකස් කර ඇති අතර දෛනිකව සවස 06.00 ට විදුලිය සපයා පසුදින උදෑසන 06.00 ට එය විසන්ධි කිරීමට කටයුතු කර ඇති බව පොලීසිය පවසයි.

කෙසේවෙතත්, නමුත් සිද්ධිය වූ දින විදුලිය විසන්ධි කිරීමට නිවැසියන්ට අමතක වී ඇති අතර  දරුවා නිවස පිටුපස පිහිටි දිවුල් ගසේ දිවුල් ඇහිඳීම සඳහා ගොස් සිටියදී මෙලෙස විදුලිසැර වැදී ඇති බව පොලීසිය සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

විල්ගමුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Trending

Exit mobile version