පුවත්

විදේශිකයෙකු හික්කඩුවේදී දියේ ගිලී මියයයි

Published

on

හික්කඩුව ප්‍රදේශයේ මුහුදු වෙරළේ දිය නෑමට ගිය රුසියන් ජාතිකයෙකු ඊයේ (07) දී මියගොස් තිබේ.

දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂක නිලධාරීන් විසින් ඔහුව ගොඩට ගෙන තිබුණද, ඔහුව කරාපිටිය රෝහලට ඇතුලත් කිරීමේදී මිය ගොස් සිටි බව වාර්තා වේ.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 29 ක් වූ රුසියන් ජාතිකයෙකි.

මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර හික්කඩුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Trending

Exit mobile version