ශ්‍රී ලංකා මුහුදු සීමාව ලබන වසරේ සිට පර්යේෂණ නෞකා සඳහා තහනම් නොකරන බව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසයි.
ඔහු මෙම අදහස් පළ කළේ, ජපාන මාධ්‍යයක් සමග කළ සාකච්ඡාවකදීයි.
චීන පර්යේෂණ නෞකාවක් මෙරට මුහුදු සීමාවට ඇතුළුවීම වැළැක්වීම පිළිබඳව කළ අදහස් දැක්වීමේදී අමාත්‍යවරයා මේ බව කියා සිටිඒය.
ශ්‍රී ලංකාව පසුගිය ජනවාරි මාසයේ සිට වසරක කාලයක් සඳහා විදේශීය පර්යේෂණ නෞකා සඳහා සිය මුහුදු කලාපයට ඇතුලු වීම තහනම් කළේ ය.
අමාත්‍ය අලි සබ්රි අවධාරණය කළේ, භාවිතයට නොගත් සමුද්‍ර සම්පත් ශ්‍රී ලංකාව සතුව ඇති බවත්, පර්යේෂණ අත්‍යවශ්‍ය බවත් නමුත් එය විනිවිදභාවයෙන් යුතුව කළ යුතු බවයි.