හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා මේ දිනවල උණ, වමනය හා පාචනය රෝගී තත්ත්වයන්ගෙන් පෙළෙන බව ඔහුගේ නීතිඥවරුන් අද (01) කොළඹ මහාධිකරණයට දැනුම්දී ඇත.
නීතීඥවරු ඒ බව දැනුම් දෙනු ලැබුවේ රුපියල් මිලියන 75කට අධික වත්කම් සහ මුදල් උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට අපොහොසත් වී ඇති බවට එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පවතින නඩුවකදීය.
මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ ඉදිරියේ කැඳවන අවස්ථාවේදී විත්තිකාර විමල් වීරවංශ අධිකරණයේ පෙනී සිට නැත.