වී සඳහා සහතික මිල සංශෝධනයට කමිටුවක් පත් කළ බව වී අලෙවි මණ්ඩලය පවසයි.
එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ එම කමිටුව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ පර්යේෂණායතනය හා පසු අස්වනු තාක්ෂණ ආයතනය වැනි ආයතන කිහිපයක නියෝජිතයන්ගෙන් සමන්විත බවයි.
වී වගාව සඳහා යොදා ගන්නා යෙදවුම්වල මිල ගණන් පිළිබඳව සාමාලෝචනයක්ද මෙම කමිටුව හරහා සිදු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ ඉන් අනතුරුව මෙවර වී මිලදී ගන්නා සහතික මිල තීරණය කරන බවයි.