ඉන්දියාවේ, ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා සහ ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශ අජිත් ඩොවාල් මහතා අතර හමුවක් ඊයේ (16) පස්වරුවේ පවත්වා තිබේ.
මෙම හමුවේ දී දෙරට අතර සම්බන්ධතාවලට බලපාන කරුණු ගණනාවක් සාකච්ඡා වී ඇතැයි පැවසේ.
මෙම සාකච්ඡාවේ දී රටවල් අතර උපායශීලීව වැදගත්වන අංශ කෙරෙහි අවධානය යොමු වූ බවත් සහයෝගීතාව ඇති කරගත යුතු ප්‍රමුඛ ක්ෂේත්‍ර කවරේදැයි යන්න සලකා බැලුන බවත් මහ කොමසාරිස්වරයාගේ මාධ්‍ය ඒකකය පවසයි.
දෙරට අතර පවතින සම්බන්ධතා තරකරන අරමුණ ඇතිව ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා සහ මහ කොමසාරිස්වරයා අතර පවත්වන පැවැත්වෙන සාකච්ඡා මාලාවක තවත් පියවරක් වශයෙන් මෙම හමුව සිදුවූ බව ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ නිවේදනයෙහි දැක්වේ.
ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක තනතුරට පත් 5 වැනි ප්‍රධානියා වන ඩොවාල් මහතා 2014 වසරේ දී ධුරය භාරගත් අතර එය ඉන්දියාවේ කැබිනට් අමාත්‍යවරයෙකුගේ බලතල සහිත තනතුරකි.
කෙසේවුවද, මේ හමුව සිදුව ඇත්තේ ලබන 19 වැනිදා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්.ජයිශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව සිටියදීය.