කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය සඳහා අඩුවක්ව පවතින ක්‍රීඩා පිටිය ඉදිරි කිරීමට අවශ්‍ය භූමිය ලබා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් තීරණයට අනුමැතිය ලබා දී තිබේ.
මේ සඳහා අදාළ මණ්ඩප භූමියට යාබදව පවතින සොරණ වතුයායට අයත් දැනට කිසිදු වගාවක් කර නොමැති අක්කර 2.5 ක් වන ඉඩම ලබා ගැනීමට අදාළ පාර්ශව සමඟ සාකච්ඡා කර ඇත.
මේ අනුව දෙපාර්ශවයේ අතර පැවැති සාකච්ඡා අනුව මෙම ඉඩම වන්දි රහිතව නිදහස් කිරීමට අදාළ වැවිලි සමාගම එකඟතාවය පළ කර තිබේ.