පුවත්

ශ්‍රී ලංකාව හා ඊශ්‍රායලය අතර ගුවන් ගමන් නවතියි

Published

on

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් තාවකාලික අත්හිටුවා ඇතිබව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා විසින් ප්‍රකාශ කර සිටින ලදී.

තානාපතිවරයා සඳහන් කළේ, පවතින යුදමය තත්ත්වය හේතුවක් කරගනිමින්  ඊශ්‍රායල ගුවන් සමාගම් එම පියවර ගෙන ඇති බවයි.

එමෙන්ම ඉදිරි දිනවල යම් ශ්‍රී ලාංකිකයෙකු ඊශ්‍රායලය වෙත පැමිණීමට අපේක්ෂාවෙන් සිටීනම්, අදාළ අංශ සමග සාකච්ඡා කර, දිනය සංශෝධනය කරගන්නැයි ද, ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපතිවරයා විසින් වැඩිදුරටත් දැනුම් දෙන ලදී.

පවතින තත්ත්වය හේතුවෙන් ලාංකිකයින්ට බලපෑමක් වූ බවට මෙතෙක් තොරතුරු වාර්තාවී නොමැති බව ද ඔහු සඳහන් කලේය.

Trending

Exit mobile version