පුවත්

ශ්‍රී ලංකා – තායිලන්තය අතර 5 වැනි ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන වටය, 28දා සිට

Published

on

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල 5 වැනි වටය 2023 අගෝස්තු 28 වැනි දී කොළඹ විදේශ කටයුතු අමාත්‍යාංශයේ දී පැවැත්වීමට නියමිතය.

විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය සහ තායිලන්තයේ විදේශ කටයුතු පිළිබඳ නිත්‍ය ලේකම් සරුන් චරුඑන්සුවන් මහතා මෙම උපදේශනවල සම සභාපතිත්වය දරනු ඇතැයි මෙරට විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

දේශපාලන කටයුතු, වෙළඳ සහ ආයෝජන කටයුතු, ආරක්‍ෂක කටයුතු, සංස්කෘති කටයුතු සහ සංචාරක ව්‍යාපාරය යන අංශ ඇතුළුව දෙරට අතර පවත්නා සහයෝගීතාව සහ හවුල් උනන්දුව විදහා දැක්වෙන ක්ෂේත්‍ර ආවරණය වන පරිදි, දෙරටේ ද්විපාර්ශ්වික සබඳතාවල වත්මන් තත්ත්වය තක්සේරු කිරීම මෙම උපදේශනවල අපේක්ෂාව වන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

දෙරට අතර ද්විපාර්ශ්වික දේශපාලන උපදේශනවල 4 වැනි වටය 2018 පෙබරවාරි 28 වැනි දින කොළඹ දී පැවැත්විණි.

Trending

Exit mobile version