ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 2023 – 2024 වසර සඳහා නව සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞශල්‍ය නවරත්න මහතා අද (25) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස වැඩ භාර ගැනීමේ උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවති අතර එහිදී නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයින් තෝරා පත් කර ගැනීම ද සිදුකෙරුණි.
එම අවස්ථාවට නීතිපති ජයන්ත ජයසූරිය ද එක්ව සිටි අතර එහිදී නව සභාපතිවරයා ඇතුළු සාමාජිකයන්ට නීතිපතිවරයා සුබ පැතුම් එක් කළේය.
එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞශල්‍ය නවරත්න සඳහන් කළේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් සියලුම නීතිය ක්‍රියාත්මක කරන ආයතන සුහදව නිසි ලෙස කටයුතු කළ යුතු බවට තමන් විශ්වාස කරන බවයි.
එමෙන්ම කිසිවෙකුටත් පෞද්ගලික අවශ්‍යතා මත සංගමයට මැදිහත් වීමට හැකියාවක් නොමැති බව ද ඔහු එහිදී අවධාරණය ක ළේය.
විධායක කමිටුවේ සාමාජිකයන් සහ සභාපතිවරයා ලෙස තමන්, කිසිදු බෙදීමකින් තොරව පක්ෂ පාට භේදයකින් තොරව අවශ්‍ය කටයුතු සිදුකිරීමට කැප වී සිටින බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞශල්‍ය නවරත්න ප්‍රකාශ කළා.