පුවත්

ශිරාන් බාසික්ගේ පුත්‍රයාට  ඇප (UPDATE)

Published

on

අද උදෑසන අත්අඩංගුවට ගත් මෙරට මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැළකෙන ශිරාන් බාසික් ගේ පුත්‍රයාවන නදීන් බාසික්ට විදේශ ගමන් තහනමක් පැනවීමෙන් පසු ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබා දී තිබේ.

ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදියි ඔහුව අත්අඩංගුවට ගැනීම සිදුවිය.


(පෙර පුවත 2024 අගෝස්තු 28, පෙ.ව.10:37)

ප්‍රබල   මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ශිරාන් බාසික් නැමැත්තාගේ පුතා වන නදීන් බාසික් නැමැත්තා කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු ඊයේ (27) රාත්‍රියේ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණෙමින් සිටිය දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ ‘ගෝඩ් ෆාදර්’ ලෙස සැලකෙන ශිරාන් බාසික් නැමැත්තා ලංකාවට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ලෙස ප්‍රසිද්ධිය.

ඔහුගේ පුතා වන අත්අඩංගුවට පත්වූ නදීන් බාසික් නැමැත්තා පසුගිය පෙබරවාරි මස 16 වන දින වැල්ලවත්ත නිවාස සංකීර්ණයක සිදුකළ වැටලීමකදී රාජකාරියේ යෙදී සිටි විශේෂ කාර්ය බළකා නිලධාරීයෙකු අනතුරට පත් කර පොලිස් යතුරු පැදියක් හප්පා පළා ගොස් ඩුබායි රාජ්‍යයේ සැඟව සිටි අයෙකි.

Trending

Exit mobile version