පුවත්

සජබ අපේක්ෂයෙකුට පොල්ලකින් ගහයි

Published

on

සමගි ජන බලවේගය මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂකවරයකු රැස්වීමක් ඇමතීම සඳහා ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී දඹගල්ල බුසලේ ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයෙකු විසින් රියදුරුගේ මුහුණට මිරිස් කුඩු ගසා ජීප් රථයේ සිටි අපේක්ෂකවරයාට පොල්ලකින් පහර දී ඇතැයි දඹගල්ල පොලිසිය පවසයි.

පහර කෑමට ලක් වූ අපේක්ෂකවරයා සහ රියදුරු මොණරාගල කිරිගල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින නීතිඥ ඉන්දික විජය බණ්ඩාර අත්තනායක මහතාය.

පාර්ලිමේන්තු අපේක්ෂකවරයා ඡන්ද ප්‍රචාරක රැස්වීමක් සඳහා සහභාගි වීමට ඔහුගේ රියදුරු සමඟ ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී දඹගල්ල බුසල ප්‍රදේශයේ පිහිටි මාර්ග බාධක ගැට්ටක් ආසන්නයේ දී ජීප් රථයේ වේගය අඩුකර තිබේ.

එම අවස්ථාවේ දී අසල සිටි නාඳුනන පුද්ගලයකු රියදුරුගේ මුහුණට මිරිස් කුඩු ගසා එම සැකකරු විසින් ජීප් රථයේ සිටි පාර්ලිමේන්තු අපේක්ෂකවරයාට පොල්ලකින් පහර දී පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වු බව පොලිසිය පවසයි.

අනතුරුව ප්‍රහාරයට ලක් වූ අපේක්ෂකවරයා සහ ඔහුගේ රියදුරු මොනරාගල කිරිගල රෝහලට ඇතුලත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

Trending

Exit mobile version