පුවත්

සමත මණ්ඩල පැමිණිලි වසරකට ලක්ෂ තුන පන්නයි!

Published

on

දිවයින පුරා පිහිටි සමත මණ්ඩල වෙත අවුරුද්දකට ආරවුල් ලක්ෂ තුනකට ආසන්න ප්‍රමාණයක් ලැබෙන බව වාර්තා වේ.

මේ වසරේ මැයි 31 වැනිදා දක්වා  සමත මණ්ඩල වෙත ලැබී ඇති පැමිණි ප්‍රමාණය 99,849ක් බවද පැවසේ.

ඉන් වැඩි ප්‍රමාණයක් මුදල් ආරවුල් බවද එය පැමිණිලි 63,444ක් බවද වාර්තා වේ.

මේවන විට 2023 වර්ෂයට ලද පැමිණිලි වලින් 70%ක් පමණ නිරවුල් කර ඇතැයි ද අධිකරණ අමාත්‍යංශය කියයි.

2023 වැඩිම ආරවුල් ලැබුණු පළාත ලෙස බස්නාහිර පළාත පත්ව ඇති අතර එම පළාතෙන් ලැබුණු පැමිණිලි ගණන 20,460කි.

උතුරු මැදින් පැමිණිලි 12,899ක්, වයඹින් පැමිණිලි 12,700ක් මෙන්ම මධ්‍යම පළාතෙන් හා  දකුණු පළාතෙන්ද දසදහස ඉක්මවා පැමිණිලි ලැබී ඇති බව අධිකරණ අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Trending

Exit mobile version