මෙරට සමස්ත ශ්‍රම බලකායම අයත්වන පරිදි නව සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් ඉදිරි මාස තුනක කාලය තුළදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා කියයි.
එසේම, එහිදී මෙතෙක් ක්‍රියාත්මක වූ සමාජ ආරක්ෂණ සියල්ල එක් කරමින් පොදු ආරක්ෂණ ක්‍රමයක් සකස් කිරීම සිදුවන බවත් ඔහු කියා සිටී.
මෙම සමාජ ආරක්ෂණ වැඩපිළිවෙල ස්ථාපිත කිරීමට අදාලව පිහිටවූ කමිටුමේ පළමු රැස්වීම පසුගියදා පැවති බවත් ඒ අනුව එහි වාර්තාව ඉදිරි මාස තුනක කාලයකදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙරට අවිධිමත් අංශයේ රැකියා වල නියුතු සියලුදෙනාගේ ශ්‍රමයට ගෞරවයක් සහ ආරක්ෂාවක් ලබාදීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය ආරම්භ කළ ගරු සරු වැඩසටහන යටතේ ඊයේ (10) දින ජල නල කාර්මිකයින් සහ පින්තාරු ශිල්පීන් සමඟ පැවති හමුවේදී අමාත්‍යවරයා එසේ පැවසීය.
මෙහිදී අමාත්‍යවරයා මෙසේද පැවසීය.
“මට මෑතකදී විදේශ රටකින් ආරාධනාවක් ආවා පින්තාරුකරුවන් ලබාදෙන්න කියලා. ඒ අයට මෙරට මුදලින් රුපියල් ලක්ෂ 12ක විතර වැටපුක් ලබා ගන්න හැකියාවක් තියෙනවා කියලත් කිව්වා. මම ඒ අනුව සම්මුඛ පරීක්ෂණයක් කැදෙව්වා. ඒකට අපේ රටේ ඉන්න පින්තාරු ශිල්පීන් ආවා. හැබැයි මේ කිසිම කෙනෙක්ව තොරගත්තේ නැහැ. මොකද අපි ඒ අය අපේක්ෂා කරන මට්ටමේ පුහුණු හෝ ප්‍රමිතීන් වලට අනුගත වෙලා නැහැ. ඇත්තටම මෙහිදී අපි අනුගමනය කරන ක්‍රමවේද සම්බන්ධයෙන් තරමක් පිටුපසිනුයි ඉන්නේ. ඉතින් අපිට මේ සම්බන්ධයෙන් ප්‍රමිතීන් ඇති කරන්න පුළුවන් නම් එවිට ඔබේ වෘත්තියට නිසි ගෞරවයක් ලබා ගන්න හැකියාවක් ලැබෙනවා. අපි ඒ තත්ත්වයට ඔබේ වෘත්තිය ගොඩ නැගිය යුතුයි. ඒත් ඒක අපේ අමාත්‍යාංශයේ වපසිරියේ තියෙන දෙයක් නෙමෙයි. ඒවා අනෙකුත් ආයතන ඔස්සේ සකස්විය යුතු දෙයක්. මෙහිදී හැමෝටම සාමූහික වගකීමක් තියෙනවා. ඒ වගේම කම්කරු ඇමති විදිහට මට මේ රටේ සියලුම කම්කරුවන්ට එකලෙස සැලකීමට වගකිමක් තියෙනවා. අපි ගරු සරු වැඩසටහනේ යටතේ ක්‍රියාත්මක නියමු වැඩසටහන විදිහට ක්ෂේත්‍ර විස්සක ගැන මුලින්ම කතා කරනවා. කොහොම වුනත් අපි ඔබලාගේ සහභාගිත්වයෙන් නිතීඥ සංගමය, වෛද්‍ය සංගමය, ගෘහ නිර්මාණ ශල්පීන්ගේ සංගමය වගේ සංවිධානයක් පිහිටුවීමයි අපෙක්ෂා කරන්නේ. මේක රජය පිළිගත්ත වෘත්තීය සංගමයක්.”