අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද (26) පාර්ලිමේන්තුවේදී පැවසීය.
සාමාන්‍ය පෙළ විභාගය මැයි මාසයේ දෙවැනි සතියේ ආරම්භ වීමට නියමිත බවද ඔහු සඳහන් කළේය.
මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ අපොස සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස්වරයා විසින් දැනුම් දුන් බවය .